New Year Blessing for 2021 Pirith Ceremony and Programme 26/12/2020 – 01/01/2021

Categories: Temple News

Dear Members and Friends,

You are all kindly invited to participate in the end of the year blessing programme. Details are provided below:
Blessing Programme Daily From 26th to 31st December 2020 7:00 pm to 8:00 pm
·          Mal and Gilanpasa Pooja (at Budu Medura) – Please bring flowers and gilanpasa

·          Chanting of Pirith (at Budu Medura)

·          Offering Pirikara to Maha Sanga
Special New Year Programme on 1st January 2021, 6:00 pm to 8:00 pm
·          Atavisi Buddha Pooja (6.00 pm to 6.45 pm).

·          Mal and Gilanpasa Pooja (at Budu Medura) –  Please bring flowers

·          Chanting of Pirth

·          Offering Pirikara to Maha Sanga

 

COVID 19 Management PLAN

As part of the West Australian Government regulations, we are required to maintain a Contact Tracing Register. You could help us either by scanning QR Code displayed in the main building or by completing the paper register where you are required to provide names, contact telephone numbers, location, date and time of arrival of all devotees in your group.
Thank you for your kind cooperation.

Theruwan Saranai

SLSBS

 


ධර්මාභිලාෂී පින්වතුනි,

ශ්‍රි ලංකා බෞද්ධ විහාරස්ථානයේ දායක ඔබ සැම ඇතුලු ලෝක වාසී සියලු දෙනාට සෙත් පතා අප පන්සලේ පැවැත්වෙන වර්ෂ අවසාන පිරිත් පිංකම වෙනස් අයුරකින් පැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

මෙවර අප පන්සලේ නේවාසික ස්වාමීන්වහන්සේලා දෙනම විසින් දෙසැම්බර් 26 සිට දෙසැම්බර් 31 දක්වා සවස 7.00 සිට 8.00 දක්වා බුද්ධ පූජාවක්  සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වේ. දැනට තිබෙන කොවිඩ් 19 නීති රීති අනුව ඒ සදහා රැස්වෙන පිරිස පවුල් තිහකට සීමා කිරීමට  සිදුව ඇති බවද දන්වමු. එම දිනවල බුදු මැදුරේ පැවැත්වෙන මල් සහ ගිලන්පස පූජාව පැවැත් වීමෙන් පසු සෙත්පිරිත් සජ්ඣායනාව පැවැත්වේ.

මෙයට අමතරව, 2021 ජනවාරි 01 දා නව වසරට ආසිරි පතා සවස 6 සිට 7 දක්වා අටවිසි බුද්ධ පූජාව වෙනදා පරිදිම පැවත්වන බව කාරුණිකව දන්වා සිටිමු.

මෙම දිනවලට ඔබ සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන්නේ නම් පහත ලින්ක් එකට සම්බන්ධවී ඔබගේ නම සහ පැමිණීම දන්වන්න.

ඔබගේ පැමිණීම මෙම ලින්ක් එකට ඇතුල් කිරීමට අපහසු වුවහොත් පහත ජංගම දුරකථනවලට අමතා ඔබගේ පැමිණීම දන්වන්න.

කුසලා ලියනගේ      –     0422904993
චම්පා කුලසේකර     –    0405718248

දෙසැම්බර් 5 වැනිදා සිට කොවිඩ් නීති රීති වලට අනුව විහාරස්ථානයට පිවිසෙන අයගේ තොරතුරු ලේඛනයක් දින 28 තබා ගැනීමට සිදුවන බැවින් ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය විහාරස්ථානයේ තබා ඇති ලේඛනයේ සදහන් කිරීමට අමතක නොකරන ලෙස ඉල්ලා සිටිමු.

එසේ නොමැති නම් ඔබගේ දුරකථනය හරහා විහාරස්ථානයේ තබා ඇති QR කෝඩ් එක ස්කෑන් කිරීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.

To scan QR code you have to download the SAFE WA App to your mobile phone.

මේ සඳහා සහභාගි වන ලෙස පින් කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!

තෙරුවන් සරණයි!

President and the Committee of SLSBS